(බිඟුන් මේනක ගමගේ)
ඇතැම් කම්හල් සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර කර බාල තේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් තමන් සිදුකරන පරීක්ෂණ ක්‍රමවේදය ගැන පසු විපරමක් කිරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.
චෝදනාවට ලක්ව ඇති තේ කම්හල් හිමියන් විසින් කළ කරුණු දැක්වීමක් මත වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා කළ නියෝගයක් අනුව මෙම පසුවිපරම සිදුකරන්නේ යැයි තේ කොමසාරිස් ඊ.ඒ.ජේ.කේ එදිරිසිංහ මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
ගාල්ල, රත්නපුර හා මාතර යන දිස්ත්‍රික්කවල තේ කම්හල් 80 ක තේ මණ්ඩලය පසුගියදා කළ හදිසි වැටලීමකදී තේ නිෂ්පාදනයේදී සීනි හා ග්ලූකෝස් මිශ්‍ර කරන බවට කම්හල් 53 කට චෝදනා එල්ල විය.
එහෙත් අදාළ කම්හල්හිමියන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් තේ මණ්ඩලයේ පරීක්ෂණ ක්‍රමවේදය අභියෝගයට ලක් කළේ යැයි කී තේ කොමසාරිස්වරයා ඒ අනුව ඔවුන්ට ලිඛිතව කරුණු දැක්වීමකට ඇමැතිවරයා අවස්ථාව ලබා දුන්නේ යැයි කීය.
ඒ අනුව මේ වනවිට අදාළ කම්හල් 53 ම සිය නිෂ්පාදන ක්‍රියාවලිය ගැන ලිඛිතව කරුණු දක්වා ඇතැයි ද තේ මණ්ඩලය මගින් ඒවා විභාග කෙරෙමින් පවතින්නේ යැයි ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.