හර්ෂණ තුෂාර සිල්වා
බාධා එල්ල නොවුණා නම් මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ දියවර මීට වසර පහකට පෙර මුදා හැරීමට අවස්ථාව තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද (10) පැවැසීය.
මොරගහකන්ද ව්‍යාපෘතියට මුල් ගල තැබුවේ 2007 වසරේ ජනවාරි 25 වැනිදා බවත් ඉන් පසු තමන්ට මහවැලි අමාත්‍යධුරය අහිමි වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කීය.
ලබන මස 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල මැතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“මීට දින දෙක තුනකට පසු රජරට ජනතාවගේ සිහිනයක් සැබෑවක් කිරීමට අවස්ථාව ලැබුණා. අපි දැන් දවස් දෙක තුනකට කලින් මොරගහ කන්ද ජලාශයේ ජලය නිකුත් කළා. මොරගහකන්දේ ජලාශයට උප්පැන්නේ ලියන්න අද බොහෝ අය උත්සාහ කරමින් ඉන්නවා.
මම 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ආණ්ඩුවේ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා වුණ ගමන්ම ආචාර්ය කුලසිංහ සමඟ ඔය කැලෑව අස්සේ රිංගුවා. ගල් කඳුවලින් මහා ගස්වලින් ගිහිල්ලා මෙතැනින් වේල්ල බඳින්නේ කියලා ආචාර්ය කුලසිංහ මහතා එදා මට පෙන්නුවා.
ජලයෙන් යට වෙන්නේ මේ මේ ප්‍රදේශ කියලා ආචාර්ය කුලසිංහ මහතා පෙන්වුවා. ඔහුගේ නමින් ජලාශය නම් කළේ ඒ නිසයි. එදා පටන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව සමයේදී ආරම්භ කළ ව්‍යාපෘතිය දිගටම කරගෙන ආවා.
ඒ ව්‍යාපෘතියට මුල් ගල තැබුවේ 2007 වසරේ ජනවාරි මාසයේ 25 වැනිදා. 2007 ජනවාරි 25 මුල්ගල් තියලා මම මහා බලාපොරොත්තු ඇතිව කොළඹට ගියා. ඊට පහුවෙනිදා මට අරලිය ගහ මන්දිරයෙන් එන්න කිව්වා. මහවැලිය වෙන කෙනෙක්ට දෙනවා කියලා කිව්වා. මුල් ගල තියලා තියපු රජරජ ජනතාව වෙනුවෙන් මා මේ කාර්ය කළ යුතු යැයි කීවා.
නැහැ මේ අමාත්‍යාංශය වෙනස් කරනවා යැයි එවකට නායකයා කිව්වා. මහවැලි අමාත්‍යාංශය වෙනත් අයකුට දෙන බව එවකට හිටපු නායකතුමා කිව්වා.
එදා බාධා එල්ල නොවුණා නම් මේ කෙත්වතු අස්වද්දන්න තිබ්බේ, මේ ඇළ දොළ පුරවන්න තිබුණේ මීට වසරකට පහකට කලින් බව කිව යුතුයි. රජරජට සංවර්ධනය ඇති කරන්න තිබ්බේ මීට වසර පහකට කලින් බව කිව යුතුය. ඔබ මුහුණ පාන නියඟය මීට අවුරුදු පහකට කලින් අවසන් කරන්න තිබ්බා. තමුන්නාන්සේලාගේ වැව් අමුණු, ජලාශ පුරවන්න තිබුණේ මීට අවුරුදු පහකට කලින් බව කිව යුතුයි.
වසර පහක් ප්‍රමාද වීම ගැන මා කනගාටු වෙනවා. එහෙත් ඒ සියලු බාධා මධ්‍යයේ මොරගහකන්ද ඔබට පූජා කරන්න ලැබීම සතුටක්” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

