(ජයමාල් චන්ද්‍රසිරි)
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අසළ බ්‍රිස්ටල් වීදීයේ එක් තීරුවක් මේ වන විට වසා දමා තිබේ.
අද උදෑසන කොළඹ කොටුවෙන් මෙම උද්ඝෝෂණය ඇරැඹි අතර අනතුරුව ඔවුහු පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණියහ. එම අවස්ථාවේදී ‘ලෝටස්‘ පාරද වසා දැමිණි. ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී බලධාරීන් සමඟ සාකච්ඡාවකට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඔවුහු අනතුරුව ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණියහ.
රැකියා ලබා දීම සඳහා කටයුතු කරන මෙන් ඉල්ලා ඔවුන් විරෝධතාවයෙහි නියැලී සිටින අතර මේ සඳහා උපාධිධාරීහු 250 කට අධික පිරිසක් එක්ව සිටිති.
පොලීසිය, කැරලි මර්ධන ඒකකය මෙහි ආරක්ෂාවට කැඳවා සිටිති.




