බ්‍රිතාන්‍යයේ සෙබළුන් දඹදිව වන්දනාවේ


බ්‍රිතාන්‍ය යුද හමුදාවේ බෞද්ධ සෙබල සෙබළිය 4000 දෙනකුට දඹදිව සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අවස්ථාවක් ලබාදීමට බ්‍ර්තාන්‍ය රජය වැඩපිළිවෙලක් සුදානම්කර ඇත.

මෙම සෙබළුන් දීර්ඝකාලයක් ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ ඉතා අභියෝගාත්මක පරිසරයක සේවය කළ අය වෙති. මෙම වන්දනා ගමන සඳහා එකවරකට සෙබල සෙබලියන් 100 ත් 150 ත් අතර කණ්ඩායමක් යොදවා ගැනේ. මුල්ම කණ්ඩායම මේ සතියේ බුද්ධගයාවට ළඟාවන්නට නියමිතයි.

යුදබිමේ අප්‍රසන්න අත්දැකීම් නිසා හෙම්බත්වී ඉන්නා මොවුනට බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී වදාළ බුද්ධගයා පින්බිමේදී මානසික සුවය ලබාදීමේ අරමුණෙන් භාවනාමය වැඩ සටහන් සංවිධානය කර ඇත. 

බුද්ධ ගයා විහාරය අයත් බිහාර් ප්‍රාන්ත රජයේ සහ මහා බෝධි විහාර පාලක මණ්ඩලයේ පුර්ණ සහය මෙම වැඩසටහනට ලබාදෙන බව බිහාර් රජයේ සංචාරක ඇමති සුනිල් කුමාර් පින්තූ කියයි. ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස භාවනා යෝගීව කාලය ගතකිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට බිහාර් රජය කටයුතුකරන බවද ඔහු කීවේය.