බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානයක් අද දහවල් කටුනායකට


(ටී.කේ.ජී.කපිල )
 
දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයෙන් අද (19) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
 
මෙම ගුවන් ගමන සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ අවසර ලබා ගෙන ඇත.
 
බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණිම නතර කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148  දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙලෙස පැමිණි මගීන් සියලු දෙනා නීරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන තිබේ.