( තිළිණි ද සිල්වා )
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කරන අමරි විජයවර්ධන මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් මඟින් නිල වශයෙන් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
අමරි විජයවර්ධන මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම ලිපිය මේවන විටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පිළිගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඇය දන්වා ඇත්තේ පවතින අසනීප තත්ත්වය හේතුවෙන් තමන් මෙම ධූරයෙන් ඉල්ලා අස්වන බවය.