බ්‍රිතාන්‍යයේ පිහි ඇණුමකින් ලාංකිකයෙක් මරුට


( 125 )
 
බි‍්‍රතාන්‍යයේ දකුණු දිග ලන්ඩනයේදී ශ්‍රී ලාංකිකයකු පිහි ඇණුමකින් ඝාතනය කර ඇතැයි එරට පළවන ඊවිනින්ග් ස්ටෑන්ඩර්ඞ් සහ මෙට්‍රෝ පුවත්පත් වෙබ් අඩවිය අද (21) වාර්තා කළේය.


මෙලෙස ඝාතනය කර ඇත්තේ අරුනේෂ් තංගරාජ් නැමැති ලාංකික දෙමළ තරුණයෙකි.


දකුණු දිග ලන්ඩනයේ මෙන්ත්‍රෝස් උද්‍යානය ආසන්නයේ දී ඊයේ (20) අලූයම 3.30ට පමණ මෙම පිහි ඇණුම සිදු කර ඇති බව සඳහන් ව්.


එම ලාංකිකයා ඝාතනය කිරීම  සම්බන්ධයෙන් මේවන විට සැකපිට පුද්ගලයකු (40) බි‍්‍රතාන්‍ය පොලිස් නිලධාරීන් විසින් පෙරේදා රාත‍්‍රීය වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි එම පුවත්පත් වෙබ් අඩවි වාර්තා වල සඳහන් වේ.


මෙම ඝාතනය සියැසින් දුටු අයෙකු විසින් මේ පිළිබඳව ලන්ඩන් හදිසි ඇමතුම් අංශ වෙත දැනුම් දී ඇත.


එම දැනුම් දීම සිදු කළ වහාම බි‍්‍රතාන්‍ය පොලිස් නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ පිහි ඇණුමට ලක්වූ ලාංකිකයාට ප‍්‍රතිකාර කළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.


මෙම ඝාතනයට හේතුවක් මෙතෙක් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. 


ඝාතනයට ලක්වූ ලාංකිකයා ගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය කඩිනමින් සිදු කරන බව බි‍්‍රතාන්‍ය පොලීසිය එම ලාංකිකයා ගේ පවුලේ ඥාතීන්ට දැනුම් දී ඇතැයි සඳහන්ය.