බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යප්තවීමේ අවදානම ඉහළට


බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 10,000 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එරට සෞඛ්‍ය බලධාරීහු අද (13) කොරෝනා වෛරසය ව්‍යප්තවීමේ ඉහළ අවදානමක් ඇති වසංගත තත්ත්වයක් ලෙස නම්කර තිබේ.  

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසා සිටියේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය, "මේ යුගයේ ඇතිවුණු දරුණුතම මහජන සෞඛ්‍ය අර්බුදය” බවයි.

අද (13) වන විට බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති අතර 600 කට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබේ.

මේ වනවිට වෛරසයේ ව්‍යාප්තිය දෙසතියකට පෙර තිබූ ප්‍රමාණයට වඩා 40 ගුණයකින් වැඩි වී ඇතැයි සඳහන් වේ.

කැස්ස හෝ ශරීර උෂ්ණත්වය වැඩි (උණ ගතිය ඇති) ඕනෑම අයෙකු සතියක කාලයක් නිවසේදී ස්වයං නිරෝධායනයකට ලක්විය යුතු බවට නිල උපදෙස් නිකුත් කර ඇත.

(ඩේලි මේල් ඇසුරිණි - 085)