බ්‍රිතාන්‍යයට ඇතුළුවීම-පිටවීම තනහම්


කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් මරණ 335ක් වාර්තා වීමත් සමග අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා, රට සම්පූර්ණයෙන් ම හුදකලා කිරීමේ ක්‍රියාදාමයක් ප්‍රකාශයට පත්‍ කළේය.
 
ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ හා ආහාර මිලදී ගැනීමට හැර කිසිවෙකුට නිවෙස්වලින් බැහැරවීමට නොහැකි වන අතර  දෙදෙනෙකු වැඩි පිරිසකට එකට රැස්වීම ද තහනම් කර ඇත. 
 

අගමැති බොරිස් ජොන්සන් මහතා ප්‍රකාශ කළේ මූලික අවශ්‍යතා සඳහා වෙළෙඳ සැළකට යාම පවා නිතර නිතර නොකරන ලෙසයි. එමෙන්ම අත්‍යාවශ්‍යම නම් පමණක් තමාගේ පවුලේ එක් අයකු සමග කෙටි එළිමහන් ව්‍යායාමයක යෙදීමට ඉඩ ලබාදෙන බවත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවසර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. නිවසේ සිට තම රාජකාරී කළ යුතු බව සඳහන් කළ අගමැතිවරයා කියා සිටියේ එම කාර්යය නිවසේ සිට නිම කිරීමට නොහැකි අවස්ථාවක දී පමණක් නිවසෙන් බැහැර විය හැකි බවයි.
 
වසංගතය මර්ධනය කිරීමේ කටයුතු සඳහා විශ්‍රාමලත් වෛද්‍යවරු 7,500ක් නැවත සේවයේ යෙදවීමට නියමිතය.
 
''මෙවැනි ක්‍රියාමාර්ග ඉතිහාසයේ කිසිම දිනක අරගෙන නැහැ. මේ රෝගය අප මර්ධනය කළ යුතුයි. නමුත් අපි ඒ සඳහා ගන්නා පියවර හේතුවෙන් සිදුවන හානිය විශාලයි. මිනිසුන්ගේ එදිනෙදා ජීවිත අඩාලවන අතර, ඔවුන්ගේ ව්‍යාපාර සහ රැකියා පවා අවදානමට ලක්වනවා. " යැයි අගමැතිවරයා කීවේය.
 
'' මා ඉතා සරළව මෙය කියන්නම්. අප සියලු දෙනාට බොහෝ දේ කිරීමට කාලය පැමිණ තිබේ. ඔබ නිවසේ ම සිටිය යුතුයි." යැයි හෙතෙම අවසාන වශයෙන් පැවසීය.
 
මේ අනුව බ්‍රිතාන්‍යයේ නිවෙස්වලට කොටුවී සිටින ප්‍රමාණය ලක්ෂ 664ක පමණ බව සඳහන් වේ. 
 
(බීබීසී ඇසුරිණි - 085)