ලන්ඩන්හිදීය (රොයිටර්)
බ්‍රිතාන්‍ය ආරක්ෂා කිරීමට කළ හැකි සියල්ල සිදු කරන බව සතුරන්ට අනතුරු අඟවමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ප්‍රකාශ කර ඇත.
ජාතික ආරක්ෂක සමාලෝචනය අවස්ථාවට එක්වෙමින් අගමැතිනිය එම අදහස් ප්‍රකාශ කළාය. එහිදි නව,නූතන ලෝකයේ තර්ජන යන මාතෘකාව යටතේ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය ඒ බව ප්‍රකාශ කර තිබේ.
“බ්‍රිතාන්‍යයට ප්‍රහාර එල්ල කිරීමට සිටින පිරිස්වලට අපි අනතුරු අඟවනවා. අප සතුරන් පරාජය කිරීම කළ හැකි සියල්ල කරනවා” යැයි බ්‍රිතාන්‍ය අගමැතිනිය අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ සිටි රුසියානු කේ.ජී.බී ඔත්තු සේවයේ හිටපු නිලධාරියකු වන සර්ගේ ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට වස දුන්නේ රුසියාව යැයි බ්‍රිතාන්‍ය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් චෝදනා කරයි.
බ්‍රිතාන්‍යයට ඉදිරි වසර දෙකේදී ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මෙන්ම සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ද තිබෙන බව වාර්ෂික ජාතික සමලෝචන වාර්තාවේ දක්වා තිබේ.
මෙම තර්ජනවලට මුහුණ දීමට නම් බ්‍රිතාන්‍ය මෘදු බලය සහ සන්නිවේදන සම්පත් භාවිත කළ යුතු යැයි එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
අයි.එස් සංවිධානයෙන් මෙන්ම රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවලින් ද බ්‍රිතාන්‍යයට දැඩි තර්ජනයක් තිබෙන එම වාර්තාව තවදුරටත් පෙන්වා දී තිබේ.
(055)