ඉන්දිකා රාමනායක
කොළඹදී පැවැත්වූ සුහද රග්බි තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් දෙදෙනා මරණයට පෙර අධික ලෙස මත්පැන් සහ කොකේන් මත්කුඩු පානය කර ඇති බවට හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය වූ දිනයේ මොවුන් ගමන්ගත් ත්‍රීරෝද රථයක රියදුරෙකු ඔවුන්ට මෙම කොකෙන් මත්කුඩු ලබාදී ඇති බවටද තොරතුරු ලැබුණ බව පොලිසිය පවසයි.
ඊයේ (15) මියගිය බෙට් තෝමස් රීඩ් 27 හැවිරිදි ක්‍රීඩකයා මියයාමට පෙර අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී මේ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් එසේම රෝගාතුර වී සිටියදී ඔහුගේ මිතුරන්ටද ඒ බව දැනුම් දී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 13 වැනි දින මොවුන් කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශලාවක සිට ත්‍රීරෝද රථයකට ගොඩවී ඇති අතර එම ත්‍රීරෝද රථ රියදුරු මොවුන්ට කොකේන් ලබා දී ඇති බවද එම උසස් පොලිසිය නිලධාරියා කීය.
මොවුන්ට කොකේන් ලබාදුන් බව කියන ත්‍රීරෝද රථ රියදුරු අත්ඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
මෙදින මෙම ක්‍රීඩකයන් දෙදෙනා අවස්ථා කිහිපයකම අධික ලෙස විවිධ වර්ගයේ මත්පැන් පානය කර ඇති බවත් මත් පැන් වලට අමතර කොකේන් මත්කුඩු ද පානය කිරීමෙන් මොවුන්ට ඒවා ඔරොත්තු නොදී ඇති බවට සැකකරන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.