සෙනසුරාදා (3) රාත්‍රීයේදී බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ, 'ලන්ඩන් පාලම' අසලත් 'බරොව් මාර්කට්' ආසන්නයේත් ප්‍රහාර දෙකක් සිදුව ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරය සඳහා තිදෙනකු පැමිණ ඇතැයි දැනට වාර්තා වන අතර ලන්ඩන් පාලම මත සිටි මිනිසුන් වෙත වෑන් රථයක් කඩා වැදී ඔවුන් යට කර ඇතැයි ද වෙඩි තැබීම් සිදුවීම් සහ පිහි ප්‍රහාර එල්ල කළ බවට ද වාර්තා වන බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
සිදුවීම වූ ස්ථාන දෙක ආසන්නයේ පයින් ඇවිද යා හැකි දුරක තිබුණ ද ප්‍රහාර දෙක අතරේ සම්බන්ධයක් තිබේදැයි යන්න තවමත් කිව නොහැකි බව ද ලන්ඩන් පොලිසිය කියයි.
-055

