කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මාසයක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අප්‍රේල් 21 දින නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමට තීරණය කර ඇතත් බොහෝ දෙනා අනුමාන කර ඇත්තේ වර්ථමාන තත්ත්වය හමුවේ එය දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වුවද බ්‍රිතාන්‍ය රජයේ උසස් නිලධාරීන්ගේ මතය වී ඇත්තේ යම් කිසි ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාර්ලිමේන්තුව නැවත රැස්විය යුතු බවයි.
රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන මන්ත්‍රීවරුන් සුපිරි වාහකයින් විය හැකි බවට බොහෝ දෙනා බිය පලකරති.
පාර්ලිමේන්තුව මේ වනවිටත් අමුත්තන් සඳහා වසා දමා ඇති අතර සමාජ දුරස්ථ නීති රීති වලට අනුව මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීම සහ දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සිදුකර ඇත.
(085)

