බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ සිරුරක් මාලිගාවත්තෙන් හමුවෙයි


ඉන්දිකා රාමනායක
 
මුහුණේ  තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළ සිරුරක්   අද (2) පෙරවරුවේ මාලිගාවත්ත අරලිය උයන විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට ක්‍රීඩාංගනයේ තිබී  පොලිසිය   සොයාගෙන ඇත.
 
සිද්ධියෙන් මියගොස් ඇත්තේ චාල්ස්  (37) නැමැති අය බවට  ඔහුගේ විදේශ බලපත‍්‍රයට අනුය හදුනාගෙන ඇත.
 
මොහු ඉකුත් නොවැමර්බර් මස 25 වැනි දින සංචාරයක් සදහා මෙරටට පැමිණ ඇති අතර මෙම මස 25 වැනි දින ඔහුගේ වීසා කාලය නිමවීමට නියමිතව තිබුණි.  මෙම මරණය ඝාතනයක් ද යන්න හෙළි කර ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.