බ්‍රිගේඩියර් පස්ස දොරින් එළියට


වැලිවේරිය, රතුපස්වල කම්හලකින් වතුර අපවිත්‍ර වෙතියි කළ උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් තරුණයන් තිදෙනකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට වගකිව යුතු බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තුර්කියේ සිට අද (15) කටුනායකින් දිවයිනට පැමිණි නමුත් වැලිවේරිය ජනතාව මග හැර ඔහු වෙනත් මගකින් පිටවී ගිය බව ගුවන්තොටුපළ ආරංචි කියයි.

වෙඩි තැබීමට අණ දුන් පුද්ගලයා ලෙස ඔහු අත් අඩංගුවට ගන්නැයි කියමින් හිමි නමක් එහි උපවාසයක්ද ඇරඹීය.

රතුපස්වල සිද්ධියෙන් පසු බ්‍රිගේඩියර් ගුණවර්ධන ගිය රජයෙන් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික පත්වීමක් සඳහා යැවීය.

එම කාලය අවසන් වීමෙන් පසු අද ඔහු පැමිණියේය.

සමාජය සුබ සානද නියෝජ්‍ය  ඇමැති රන්ජන් රාමනායක  මහතා උපවාස කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට දුරකතන ඇමතුමක් ගෙන කීවේ තමා මේ ගැන පොලිස්පති සමඟ සාකච්ඡා කළ බවයි. ඒ සම්බම්ධයෙන් හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස්පති පොරොන්දු වූ බව ඇමැතිවරයා දැන්වීය. තමා පෞද්ගලිකවම ද මේ ගැන සොයා බලන බව ඇමැති කීවේය.

ඒ අනුව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ සිය සත්‍යග්‍රහය අවසන් කළහ.

IMG_20150915_095314 IMG_20150915_100413 IMG_20150915_105835