තව සුළු මොහොතකින් දිවයිනට පැමිණෙන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා වහා අත් අඩංගුවට ගන්නා ලෙස රජයට බලකරමින් තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයෙහි පිහිටි බුදු මැදුර ඉදිරිපිට උපවාසයක් ඇරඹීය.
රතුපස්වල ජල ගැටළුවේදී වැලිවේරියේ ගැමිියන් කළ උද්ඝෝෂනයට යුධ හමුදාව වෙඩි තැබීමෙන් පසු එයට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා තුර්කියේ තානාපති කාර්යාලයේ පත්වීමක් ලැබ මෙරටින් පිටව ගියේය.











