බ්‍රැඩ්බි කිරුළ රාජකීයයන්ට


(මොහාන් ප්‍රනාන්දු)

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි අද (05 වැනිදා) පැවැති දෙවැනි අදියරේ තරගයේදී ලකුණු 27 - 19 ක පහසු ජයක් ලබාගත් රාජකීයයෝ 2018 බ්‍රැඩ්බි කිරුළ තමන් සතු කරගත්හ.

තරගයේ විවේකය වන විට රාජකීය පිල ලකුණු 13 - 5 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

පළමු අදියර පහසුවෙන් ජයගත් රාජකීය පිලේ  සමස්ත ජයග්‍රහණය ලකුණු 64 - 26 ක් ලෙසින් සටහන් විය.