බ්ලූමැන්ඩල් වෙඩිතැබීමේ සැකකරුවකු සොයයි


කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් 11 දෙනකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.

ජූඩ් ප්‍රියන්ත ෆ්‍රැන්සිස් නමැති සැකකරු ගල්කිස්ස, පන්සල පාර, 75/51 බී, 1 වැනි හරස් පටුමග සහ ජා ඇල, වැලිගම්පිටිය අංක 15/ඒ19 ලිපිනයන්හි පදිංචිව සිට ඇත. මොහු සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් 071 8591753, 071 8591770, 077 3291500 යන අංකයන්ට දන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

webBlumandal_201591