(ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල අද (7) එකම හිස්බිමක් බවට පත්ව තිබුණි. පාසල් පැමිණි සිසුන් සංඛ්‍යාව 100 කට ආසන්න වු බව වාර්තා වේ.
පවතින පරිපාලනමය අර්බුදය හේතුවෙන් 06 වැනිදා දෙමව්පියන් ආදි ශිෂ්‍යයින් හා ආදි ශිෂ්‍ය නායකයින් එක්ව උද්ඝෝෂණයක් පැවති අතර ඔවුන් ඉල්ලා සිටියේ වර්තමාන අර්බුදකාරී පරිපාලනය වෙනස්කර නව විදුහල්පතිවරයෙක් පාසලට පත්කරන ලෙසයි.
නව විදුහල්පතිවරයෙක් පාසලට පත්කරන තෙක් සිය දරුවන් පාසල් නොඑවීමට තීරණය කර විරෝධතා පෙත්සමක්ද අත්සන් කරනු ලැබීය. සිසුන් 3000 කට ආසන්න පිරිසක් සිටින බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසලේ ඉගෙනුම ලබති.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් විසඳුමක් ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අගාධයට යනු ඇත. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඇත්තේ තවත් මාසයක් බැවින් පවතින තත්ත්වය පිළිබඳව දෙමව්පියන් දරුවන් මෙන්ම ගුරුවරු ද මහත් කණස්සල්ලෙන් පසුවෙති.

