බළංගොඩ නාය යෑමක්:එකම පවුලේ හතරක් අතුරුදහන්


(සුජිත් හේවාජූලිගේ, රෝහණ සමරවීර, සමිපත් ප්‍රියනන්දන  සහ ඉඹුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලංගොඩ  ගවරන්හේන  වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස හතරක්  නාය යාමකට හසුවී ඇති අතර ඉන් එක නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි.

සම්පූර්ණයෙන්ම යටවූ නිවාසයේ සිටි මව,පියා සහ දියණියන්  දෙදෙනකු මේ වන ව්ට සොයා ගත නොහැකිව අතුරුදන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.

නාය යාමෙන් අර්ධ හානියට පත්වී ඇති නිවාස දෙකෙහි සාමාජිකයන් නව දෙනකු ඒ ආසන්නයේ පිහිටි වාඩියක ආරක්ෂිතව සිටින බවත් එක් අයකු රෝහල් ගත කළ බවත් තවත් වයොවෘද්ධ පුද්ගලයකු නායට යටවී සිටියදී ප්‍රදේශ වාසීනට  මුදවා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.

රාත්‍රි කාලය නිසා දැඩි අවධානමක් සහිත වීමත් හේතුවෙන් අතුරුදන් පුද්ගලයන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවත් යම් හෙයකින් අතුරුදන් බව කියන අය ආරක්ෂිතව සිටිනවාදැයි සැකයක් පවතින බව පොලිසිය සදහන් කරයි.

එම ස්ථානයට ඕපනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන්හෙ ට්ටිආරචිචි මහතා ඇතුළු කණ්ඩායමක් හා බලංගොඩ පොලිසියේ නිලධාරීන් කන්ඩායමක් එම ස්ථානයට ළගාවෙමින් සිටිති.