(අජන්ත කුමාර අගලකඩ)
සුපිරි වෙළඳ සංකීර්ණයක් ද සහිත බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට රජය තීරණය කර ඇත.
එම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ටෙන්ඩරය ‘ඒසර් ’ නමැති ඩුබායි සමාගමකට පැවරීමට අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ සඳහා කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද්දේ මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසිනි.
පෞද්ගලික ආයෝජනයක් ලෙස මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර ආයෝජනය කෙරෙන මුදල රුපියල් කෝටි 400ක් පමණ වේ.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවා අදාළ ඩුබායි සමාගම තෝරාගෙන ඇත.