( ජුඩ් සමන්ත )
ඉන්දියාවත් - මාලදිවයිනත් අතර මුහුදු තීරයේ නීත්‍යානුකූල ලෙස ගමන් කරන ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙස ඉල්ලමින් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත.
ධීවර අමාත්‍යය මහින්ද අමරවීර සහ විදේශ කටයුතු අමාත්‍යය මංගල සමරවීර යන මහත්වරුන්ටද එම සංදේශයේ පිටපත් යවා ඇත.
“ඉන්දීය ධීවරයෝ මෙරට මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වී තහනම් පන්න ක්‍රම භාවිතා කරමින් මසුන් මරති.එවැනි අවස්ථාවලදී එකී ධීවරයන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලබති. එයට එකට එක කිරීමක් ලෙස ඉන්දීය වෙරළ ආරක්ෂකයෝ නීත්‍යානුකූල ලෙස ගමන් කරන ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා සහ ඒවායේ සිටින ධීවරයින්ව අත්අඩංගුවට ගනිති.
ඉන්දියාවත් මාලදිවයිනත් අතරින් ගමන් කරන අප ධීවර යාත්‍රා වලට ජාත්‍යන්තර නීතියට අනුව ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර අප රටට අයත් මුහුදු සම්පතට හානි නොකරන ලෙස ඉන්දියාවේ ධීවරයින් දැණුම්වත් කරන ලෙසද ඉල්ලා සිටිමු.“ යයිද එම සංදේශයේ සඳහන් වේ.

