බහුතර කැමැත්ත මාවෙයි සේනාධිරාජාටලු


රොමේෂ් මධුසංඛ 
 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිරනයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් තරඟ කිරීමට හොඳම සුදුස්සා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන මහතාට දැනුම් දී ඇති බව  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය.
 
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක ආර්.සම්බන්ධනා මහාතා‍ගේ 75 වන ජන්ම දිනය නිමිත්තේ 28 වැනි දා සවස යාපනය කන්කසන්තුරෙයි අරසඩි මන්සන්ධියේදී විපක්ෂ නායක වරයාගේ හා ඉලංගයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
 
එහිදී ශ්‍රීධරන් මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ලොකුම හා බලයෙන් වැඩිම පක්ෂය   ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය බවයි.  
 
‘මාවෙයි සේනාධිරාජා මහත්මයාට වැඩි ජනතා මතයක් තියෙනවා.  පසුගිය පලාත් සභා මැතිවරණයේදීත් උතුරේ ජනතාව වෙනුවෙන් අපි එතුමන් තමයි ප්‍රධාන අමාත්‍ය   තනතුරට පත් කරන්න ලෑස්ති වුණේ.  නමුත් පසුව සී.වී.විග්නේෂවරන් මහත්තයා ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී ජනතාවට සෙතක් වනවානම් විග්නේෂ්වරන් මහත්මයාට බලය ගන්නට සහාය දෙන්න මාවෙයි සේනාධිරාජා මහත්මයත් එකඟ වුණා.  දැන් විග්නේෂ්වරන් මහතාගේ පාලන කාලයත් අවසන් වෙන්න යන්නේ. ඒ නිසා මීළඟ පළාත් සභා මැති වරණයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් මාවේයි සේනාධිරාජා මහතා සුදුසුම කෙනා බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට දැනුම් දීලා තියෙනනේ.‘ යැයි ද ශ්‍රීධරන් මහතා පැවසීය.