බහුජන සංවිධාන සිරිකොතට ඇවිත් ජනපතිට සහය පළ කරති


 

(අංජුල මහික වීරරත්න)

බහුජන දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති සහ අනුබද්ධිත සංවිධාන කිහිපයක් අද පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළේය .

මෙම අවස්ථාවට කර කැලේ පියදස්සි, ලැගුම්දෙනියේ පියරතන,දඹගොල්ලේ පදුමසිරි හිමිවරු ද සහ ආචාර්ය චමින්ද මළලසේකර, ආචාර්ය ඉන්දීවරි අකුරෙගොඩ, ආචාර්ය මහින්ද පෙරේරා, මහාචාර්ය රාහුල් දන්දෙණනිය, සිරිමසිරි භපුආරච්චි, ව්‍යවසායක කුමුදු හෙට්ටිගේ මහත්වරු ද සහභාගී වූහ.

ජනාධිපති දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ශමල් සෙනරත් මහතා මෙහි මුලසුන හෙබවූහ.