(මාවනැල්ල සමන් විජය බංඩාර)
පුද්ගලයෙකු සමග ඇති වූ බහින්බස් විමක් දුර දිග යාමෙන් හිමිනමකට සහ තවත් ගිහි පුද්ගලයන් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරිම හේතුවෙන් හිමියන් සහ අනික් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අරණායක සාමගම පුනා පොකුණ විහාරාධිපති හිමිපාණන් වහන්සේ සහ උන් වහන්සේගේ ගිහි දායකයන් දෙදෙනෙකි.
ඒ අනුව කැපුම් තුවාල ලැබු හිමියන් ඇතුලු අනික් දෙදෙනා අරණායක දිසා රෝහල වෙත ගම්වැසියන් විසින් ඇතුළත් කර ඇති අතර ගිහි පුද්ගලයන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.
මෙම ගැටුමෙන් පසුව සැකකරු පලා ගොස් ඇති අතර එම පුද්ගලයා අද ( 17 ) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

