බස්වල රූපවාහීනි තහනම් කිරීමට නැ‘හිර මගී ප්‍රවාහන අධිකාරියෙන් තීරණයක්


(අමදෝරු අමරජීව)

මගී බස්රථවල  රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන්  සභාව ගෙන ඇති තීරණය නැගෙනහිර පලාතේ මගී බස්රථ සම්බන්ධයෙන් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

රූපවාහිනි යන්ත්‍ර හේතු කරගෙන රියදුරුගෙ අවධානය වෙනතකට යොමු විම,  රූපවාහිනියේ ඇතැම් දර්ශන මගින් අපහසුතාවයකට පත්කිරිම හේතුවෙන් කර ඇති මෙම තහනම ඒ අයුරින් නැගෙනහිර  පළාතේ ක්‍රියාත්මක කිරිමට විශේෂ වැටලිම් ඒකකවලට උපදෙස් ලබාදුන් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (ධාවන හා  සැලසුම්) සි.එම්.නන්දසේන මහතා පැවසිය.

විශේෂයෙන් සිසු සැරිය බස්රථවල  රූපවාහිනි තහනම මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර මගි ප්‍රවාහන සේවා සිදුකරන  කෙටි හා දුර  ගමන් සේවා බස්රථවල මෙම නීතිය ක්‍රියාමත්මක කිරිම දැනටමත්  ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂවරයා තවදුරටත් කීය.