බස්නාහිරට සහ වයඹට මඳ වැසි


(ඩයනා උදයංගනී)

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේ මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාල‍යේදී හෝ රාත්‍රී කාලයේදී මද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතී.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.