වැඩි කළ ඉන්ධන මිලට විරෝධය පෑමෙන්, ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ හලාවත ධීවරයාට උපහාර දැක්වීමත්, අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු අද සුදු ඇඳුමින් සැරසී කළු පටි පැළඳ පාපැදි වල නැගී ආහ.
බත්තරමුල්ලේ කොස්වත්ත මංසන්දියේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ඔස්සේ බස්නාහිර පළාත් සභාව තෙක් පැමිණි එම පිරිසට බස්නාහිර පළාත් සභා විපක්ෂ නායක මංජුල ශ්‍රී අරංගල මහතා නායකත්වය දුන්නේය. මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු පැමිණි පාපැදියේ හුළං ඇරීමටද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු උත්සාහ දැරීය.