බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වන මහ ඇමතිධූරය ලබාගැනීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන හෙක්ටර් බෙත්මගේ මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
පළාත් සභාවේ සභාපති සුනිල් විෙජ්රත්න, අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, රංජිත් සෝමවංශ මහත්වරුන් ද මහ ඇමැති ධුරය ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇතැයි පළාත් සභා ප්‍රකාශකයෙක් කීවේය.
ඇතැමුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වෙත ද තමන්ට මෙම ධුරය ලබාගැනීමට ඇති සුදුසුකම් දන්වා යවා එම ධුරය ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

