බස්නාහිර බැඞ්මින්ටන් තරගාවලිය අද සිට
බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 39 වැනි බස්නාහිර පළාත් අන්තර් ක‍්‍රීඩා සමාජයීය කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය අද සහ හෙට (8-9) ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
ඒ, බී, සී සහ ඞී ලෙස කාණ්ඩ හතරකින් පිරිමි කණ්ඩායම් තරග පැවැත්වෙන අතර ඒ, බී සහ සී යන කාණ්ඩ තුනකින් කාන්තා තරග ක‍්‍රියාත්මකවේ. මෙවර තරගාවලියට බස්නාහිර පළාතේ ආයතන සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 46 ක් සහභාගිවේ.
1973 වසරේ සිට අඛණ්ඩව වසරක් පාසා පවත්වනු ලබන මෙම තරගාවලියට ජාතික ශ්‍රේණිගත කිරීම්වල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ද සහභාගිවෙති.
එෆ්. කේ. සී. අයි. ඒෂියා සමාගම තරගාවලියට ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන අතර ඇස්ට්‍රොන් සමාගම සම අනුග‍්‍රහය දක්වයි.
ඡුායාරූපය:
එෆ්. කේ. සී. අයි. ඒෂියා සමාගමේ ප‍්‍රධාන විධායක ඇන්ඩි‍්‍ර ලී චෞ මහතා විසින් බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ සභාපති චම්ලි හෙට්ටිආරච්චි මහතාට අනුග‍්‍රහකත්වය පිරිනමන ලද අයුරු. තරග ලේකම් අසංක පීරිස්, ඇස්ට්‍රොන් සමාගමේ සන්නාම කළමනාකරු අසිත මීමැඩුම, බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති සහ තරග කමිටු සභාපති එල්. ආරියනන්ද, එම සංගමයේ ලේකම් ජේ. එස්. ප‍්‍රනාන්දු සහ එහි භාණ්ඩාගාරික එස්. එල්. දිසානායක යන මහත්ම මහත්මීහු ද මෙහි සිටිති.

