
(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (29) ආරම්භ කෙරිණි.
එමෙන්ම බස්නාහිර පළාතේ සියලු පෙර පාසල් ද අද ආරම්භ කිරීමට නියමිතය.
බස්නාහිර පළාතේ පාසල් ආරම්භකර පවත්වාගෙන යෑමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇති අතර පාසල්වලට සිසුන් කැඳවිය යුතු ආකාරය, දිනකට පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ආදිය සම්බන්ධයෙන් එහි සඳහන් කර තිබේ.
පාසල් පවත්වාගෙනයාමේදී අනිවාර්යයෙන් මෙම මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසල්වලින්ද දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ පියවර ගෙන ඇති ආකාරය දක්නට ලැබුණු අතර වසංගතයෙන් ආරක්ෂාවීම සම්බන්ධයනේ දරුවන් දැනුම්වත් කිරීම ද අද සිදුකෙරිණි.
මේ අතර කොළඹ අගරදගුරු පදවියේ කතෝලික පාසල්වල අධ්‍යයන කටයුතු අද (29) ආරම්භ නොවූ අතර ඒවා අප්‍රේල් මස 05 වනදා සිටආරම්භ කරන බව කතෝලික පෞද්ගලික පාසල් ප්‍රධාන කළමනාකාර ගැමුණු ඩයස් පියතුමෝ පැවසූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ


කොළඹ ආනන්ද විදුහලට සෞඛ්‍යාරක්ෂිතව දරුවන් ඇතුලු කරගත් අයුරු





කොට්ටාව ධර්මපාල ප්‍රාථමික විදුහලේ සිදු දරුවන් ආරක්ෂිතව අධ්‍යාපන කටයුතුවල යෙදුණු අයුරු


මහරගම ධර්මාශෝක ප්‍රාථමිකයේ එක වසරේ අධ්‍යාපන කටයුතු ආරම්භ වූ අයුරු
ජයමාල් චන්ද්‍රසිරි

