මුදිතා දයානන්ද
බස්නාහිර පළාතේ පාසල්ව වාර පරීක්ෂණ ප‍්‍රශ්න පත්ර මුද්‍රණය මාෆියාවක් බවට පත්වී ඇතැයි බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පැවසීය.
නිපුණආරච්චි මහතා එසේ පැවසූයේ බස්නාහිර පළාත් සභාවේ 2018 අය වැය විවාදයට එක්වෙමිනි.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු නිපුණආරච්චි මහතා මෙසේද පැවසීය.
‘බස්නාහිර පළාතේ පාසල්වල හය වසරේ සිට එකොළහ වසර දක්වා පංතිවලට අදාල වාර පරීක්ෂණ සඳහා ප‍්‍රශ්න පත්ර මුද්‍රණය කරන්නේ පුද්ගලික ආයතනයක. මේ ආයතනයම සෑම වසරකටම අදාලව ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර සහිත පොතක් මුද්‍රණය කරනවා. ගුරුවරු මේ පොත ගන්න කියලා සිසුන් දැනුම්වත් කරනවා. වාර පරීක්ෂණයේ ප‍්‍රශ්න පත‍්‍රවලට බොහෝ සමාන ප‍්‍රශ්න මේ ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර පොතේ තිබෙනවා.
ඒ වගේම මේ ප‍්‍රශ්න පත‍්‍රවලට යොදාගෙන ඇති කඩදාසිය ගේජ් හයකින් බාලයි. අකුරු නියමිත ප‍්‍රමාණයට නැහැ. සෑමප‍්‍රශ්න පත‍්‍රයකටම තිබිය යුතු අනුක‍්‍රමික අංකය මෙහි නැහැ. ඒ ගැන අහුවාම අධ්‍යාපන ඇමතිතුමා කියනවා හැම එකකටම වෙන වෙනම අංක යෙදීම අපහසු නිසා එසේ කළේ නැහැ කියලා. ඒවාට තමයි අපි ගෙවන්නේ. මේ ආදර්ශ පොතේ මුද්‍රණ වගකීම දරන්නේ හිටපු විභාග කොමසාරිස්වරයෙක්ගේ නමින්. අපි හිතනවා ආයතනයේ හිමිකරු ඔහු කියලා.

