(ටෝනි කරුණානායක)
සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා ලබන 19 දක්වා රිමාන්ඩ් කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා අද(5) නියම කළේය.
පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පහරදුන් බව කියමින් මන්ත්‍රීවරයා රෝහල් ගත කරනු ලැබිණි. සපුගස්කන්ද පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා රාගම රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයා නිරීක්ෂණයට ලක්කර එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

