මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත්වූ හංවැල්ල රෝමානු කතෝලික කණිටු විදුහලේ විශ්ව පතිරාජ සිසුවාට රුපියල් 1,50,000 ක මුදල් ත්‍යාගයක්ද ඔහු ඉගෙනුම ලැබූ විද්‍යාලයේ අබලන් ගොඩනැගිල්ලක් වෙනුවට නව ගොඩනැගිල්ලක් ලබාදීමටද බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අද (8) පොරොන්දු විය.
විශ්ව පතිරාජ සිසුවාට සුබ පැතීමට මහ ඇමැතිවරයා අද එම පාසලට ගියේය. පාසල් ක්‍රීඩා පිටිය නවීකරණය කර සිසුවාගේ නමින් නම් කරන බවද මහ ඇමැති කීය.
ශිෂ්‍යත්වයෙන් දෙවැනි තැන ලබාගත් බස්නාහිර පළාතේ අනෙක් තිදෙනා වන උඩුපිල ප්‍රාථමික විදුහලේ දුලාජ් නෙතුල් විජේසේකර, කඩවත ජනාධිපති විද්‍යාලයේ නිහාර මධුහංස හා වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විදුහලේ තරින්ද්‍යා කෞරි පෙරේරාටද රුපියල් 1,50,000 බැගින් මුදල් ත්‍යාග හා ඔවුන්ගේ පාසල්වල අඩුපාඩු සකස් කරදෙන බවටද මහ ඇමැතිවරයා පොරොන්දු විය.




