
(යොහාන් භාසුර)
බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ප්‍රවාහන ගාස්තු හෙට (15) සිට අඩු කරන බවත් ඒ අනුව දෙවැනි කිලෝමීටරය වෙනුවෙන් අය කරන රුපියල් 100 ක ගාස්තුව රුපියල් 90 ක් දක්වා අඩු කරන බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය පැවසීය.
පළමු කිලෝමීටරය වෙනුවෙන් දැනට අය කරන රුපියල් 100 ක මුදල වෙනස් නොවන බව ද එම සමිතිය වැඩි දුරටත් සඳහන් කළේය.

