බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා දුන් අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් නාමයෝජනා දීමෙන් පසු පෙළපාළි යෑම ඡන්ද නීති උල්ලංඝනය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය කියයි.
ඡන්ද නීති ක්‍රියාත්මක වනුයේ නාමයෝජනා බාරදෙන අවසන් දිනයෙන් පසුව මිස ඊට පෙර නොවන බවත්, එජාපය නීතිය නොදැන එලෙස කියන බවත් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
අද පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාළි රැසක් පොලිසියේ නියමයෙන් නවත්වා තිබුණු අතර අතුරු පාරවල් කිහිපයක වාහන පෙළපාළිය ගිය බව ප්‍රදේශවාසීහු කියති.
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන පක්ෂ හතරම නාම යෝජනා බාර දුන්යේ බදාදා (07)ය.
නාමයෝජනා බාර දීමට ආ සන්ධානයේ අපේක්ෂකයන් කිහිපදෙනකුගේ වාහන ගම්පහ ප්‍රසිද්ධ පාසලක පිට්ටනියේ නැවැත්වීම නිසා ඉගෙනීමට බාධා වූ බව පාසල් ආරංචි කියයි. එම අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පාසල් වේලාවේ පාසල් පිට්ටනියේ ට්‍රේල් බයික් වලින් ‘වැඩ දැමූ‘ බවත්, රතිඤ්ඤා පත්තු කළ බවත් පාසල් සිසිහු ද, ගුරුවරු ද කියති.
නාමයෝජනා බාර දීමේ අවසන් දිනය වන අද ගම්පහ පාසල් 13ක් වසා තැබීම හෙළා දකින බව ලංකා ගුරු සංගමය කියයි.
දින 210ක් පාසල් පැවැත්විය යුතු බවත්, මැතිවරණ දිනයට පෙර දින ඇතැම් පාසල් නිවාඩු දෙන බවත්, එලෙස තිබියදී නාමයෝජනා බාර දෙන දිනවල ද පාසල් නිවාඩු දීම දරුවන්ට කරන අසාධාරණයක් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
කොළඹ හා කළුතරද පෙළපාළි දැකගත හැකි විය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

