බස්නාහිර උපකාරක පන්තිවලට කොළ එළියක්


(  සුජිත්හේවාජුලිගේ  සහ අංජුග මහික  වීරරත්න ) 

බස්නාහිර ප‍ළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලැබෙන බව සෞ‍ඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

උපකාරක පන්තියක උපරිම ‍ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට සීමා කළ යුතු බවත් මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යන පන්තිවලද අදාළ බවත් ඇමැතිවරිය කියා සිටින්නීය.

සෑම පන්තියකම ආසන අතර මීටරයක දුර පවත්වා ගත යුතු බව ද අමාත්‍යවරිය කියන්නීය.

සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගු‍ණපාල රත්නසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.