බස්නාහිර පළාත් සභාව සඳහා නවක මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් බත්තරමුල්ල සෙත්සිරිපායේ බස්නාහිර පළාත් සභා ලේකම් කාර්යාලයේදී පළාත් සභාපති සුනිල් විජේරත්න මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
පසුගිය මහ මැතිවරණයේ දී බස්නාහිර පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු වෙනුවෙන් මංජුල ප්‍රසන්න සම්පත් හා අමීන් මොහොමඩ් ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී කේ.ඩි.ලාල්කාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රීධූරය සඳහා සරත් පතිරණ මහත්වරු දිවුරුම් දුන්හ.




