ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
ඉහළ දැමූ බස් ගාස්තුවලට අනුව ප‍්‍රවේශ පත‍්‍ර සඳහා මුදල් අයකලැයි උරණවී කොළඹ සිට ගාල්ල හරහා උඩුගම බලා ධාවනය වෙමින් තිබූ උඩුගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක කොන්දොස්තරවරයාට පාසැල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අක්මීමන දී පහරදී ඇතැයි පොලිසිය කියයි.
ඔහු අත තිබූ රුපියල් විසි එක් දහසක මුදලක් පැහැර ගත් බවට ද කොන්දොස්තරවරයා පොලිසියට පැමිණිලි කර ඇත.
පහරකෑ කොන්දොස්තර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
බස් ගාස්තු වැඩි කිරීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ හෙට දිනයේය.
බස්ගාස්තු වැඩියෙන් ගත්තැයි කොන්දොස්තරට පහර දීලා
Recommended Articles