බස් සභාපති අවි අමෝරයි


වැඩිවූ තෙල් මිලට සරිලන සේ බස් ගාස්තු වැඩිකිරීම හෝ ඒ වෙනුවෙන් සහනයක් හෝ නොදෙතොත් අද මැදියම් රැයේ සිට රටපුරා බස් වර්ජනයක් සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. බස්ගාස්තු වැඩි කළ යුතු ප්‍රතිශතය සභාපතිවරයා නොකියන නමුත් තෙල් මිල වැඩි කිරීමට පෙර සහනයක් දිය යුතුව තිබුණු බව ද අද දිනයේත් බෝහෝ මාර්ගවල බස් ධාවනය 50% කින් කඩුවී ඇති බව ද ඔහු කියයි.