බස් වර්ජනය අවසන් නොකළොත් බලපත්‍ර අහෝසියි


අමල් වික්‍රමරත්න
 
බස් වර්ජනයට එක්වූ සියලුම දෙනාගෙන් එය නවතා දමනලෙස ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම් හෙට සිට ධාවන බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පි.හේමචන්ද්‍ර මහතා පැවසීය.

 
ඒ සමගම එම බස් රථවල සේවය කළ රියදුරු කොන්දොස්තරවරුන්ට ලංකා ගමනාගමන කොමිසමෙන් නිකුත් කර ඇති රියදුරු සහ කොන්දොස්තර බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව ද ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පි.හේමචන්ද්‍ර මහතා පැවසීය.