(කේ බුද්ධික කුමාරසිරි )
මීගොඩ - දාම්පේ හොරගල මාර්ගයේ දඹුගොල්ලවත්ත පාර අසලදී යතුරුපැදියක් ලංගම බස් රථයකට ඉස්සර කිරීමට ගොස් එක්වරම තිරිංග තද කිරීමේදී ලිස්සා ගොස් මාර්ග හරහා වැටීමෙන් අද (24) සිදු වූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුර දී මිය ගොස් ඇතැයි මීපේ පොලිසිය පවසයි.
මීගොඩ දාම්පේ හොරගල සිට හෝමාගම බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක වැදීමෙන් මෙම අනතුර සිදු වූ බවට සැකකරන බැවින් ලංගම බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ දාම්පේ වෙරලුපාගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි ආර් ජී සුගත් පි‍්‍රයන්ත නැමැති ව්‍යාපාරිකයෙකි.



