ශාන්ත කුලරත්න
දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු බව පැවෙසන පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ අද (9) තලංගම කොස්වත්ත මංසන්ධියේ දී පෞද්ගලික බස් රථ රියදුරකුට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන චණ්ඩි මල්ලී නමින් ප්‍රසිද්ධ පුද්ගලයාගේ පුතා සහ ලේලිය බව පොලිසිය කියයි.
කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වු බස් රථයක් ධාවනය වීමට අවහිර වන සේ මාර්ගය අසල නවතා තිබු ජිප් රථයකට නලාව ශබ්ද කොට ඉඩ ඉල්ලා ඇත. එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් බස් රථ රියදුරු ජීප් රථය අසලට ගොස් ඇති වු බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහර දීම සිදුකර ඇත.