බස් රථ යතුරුපැදි ගැටුමින් එක් අයෙක් ජීවිතක්ෂයට


(අනීෂා මානගේ)


තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයේ දංකැටිය ප්‍රදේශයේදී අද (05) උදෑසන 10.30ට පමණ සිදුවූ අනතුරකින් 17හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 


පුද්ගලික බස් රථයක් පසුකර තවත් බස් රථයක් යෑමට උත්සාහ කරන අවස්ථාවේදී ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක ගැටී ඇත. අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.