
(රංජිත් රාජපක්ෂ)
ලංගම බස් රථයක් සහ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවන් 10 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කළ බව නොර්වුඩ් පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ අද (15) උදැසන හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදිය.
බගවන්තලාව සිට හැටන් ඇගළුම් කර්මාන්ත ශාලාවක් දක්වා ඇගළුම් සේවිකාවන් රැගෙන අධික වේගයෙන් ධාවනය වී ඇති පෞද්ගලික බස් රථය හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
බස් රථ දෙක අනතුරට පත් වන අවස්ථාවේ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහන කළ බස් රථය තුළ 25 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර , ලංගම බස් රථයේද මගින් 30 කට ආසන්න පිරිසක් සිටි බව නොර්වුඩ් පොලිසිය පවසයි.
දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කල ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් දෙදෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් 8 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු පවසති.
පෞද්ගලික බස් රථයේ රියදුරා සැකපිට නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සැකකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද නොර්වුඩ් පොලිසිය පවසයි.




