
(නිමල කොඩිතුවක්කු)
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වැනි දින සිට නැවතත් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම නීතිය තාවකාලිකව අත්හිටුවා තිබිණි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වේ.
බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අදියර කිහිපයක් යටතේ පසුගිය කාලයේ දී ක්‍රියාත්මක විය.

