බස් දෙකක් ගැටී අයෙක් මරුට 32කට තුවාල


චාන්දනී දිසානායක

අලව්ව - යාංගල්මෝදර ප්‍රදේශයේදී අද (13) බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු මරණයට පත්ව 32 දෙදෙනෙකු තුවාල ලබා  ඇති බව අලව්ව පොලිසිය  කියයි.

කදුරුවෙල සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට ගල්නෑව දක්වා ගමන් කළ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇත .

මෙම අනතුරෙන් කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයේ ඉදිරි පස මා ඔයට  වැටී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 18   දෙනෙකු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සෙසු තුවාලකරුවන් අලව්ව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳව අලව්ව පොලිසිය  පරීක්ෂණ පවත්වනු ලබයි.