(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ විදේශීය සංචාරකයන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි සමීර ප්‍රසාද් (19) නම් තරුණයකු වන අතර ඔහු යතුරුපැදියේ ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුර සිදුවන ආකාරය එම අසල ගරාජයක සවිකොට තිබූ සීසීටීවී කැමරා පද්ධතියක සටහන්ව තිබේ.
දඹුල්ල දෙසින් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථය ධාවනය වෙමින් තිබියදී ඉදිරියේ බස් රථයක් නවතා මගින් බැස්සවමින් සිට ඇත. එම බස් රථයට ටිපර් රථය ඉස්සර කිරීමත් සමග හබරණ දෙසින් දඹුල්ල දෙසට විදේශීය සංචාරකයන් ගමන් කරමින් තිබූ බස්රථයක් පැමිණේ.
බස් රථය මාර්ගයෙන් ඉවත් කොට ටිපර් රථයට ඉඩ දෙනවාත් සමඟ ඊට පිටුපසින් වේගයෙන් පැමිණි යතුරුපැදිකරු බස් රථය ට ඉස්සර කරනවාත් සමග ටිපර් රථයේ ඉදිරිපස හැපී පසෙකින් ගමන් කරමින් තිබූ විදේශිකයන් රැගෙන ගිය බස් රථයෙ වැදීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
ටිපර් රථ රියදුරාගේ සහ යතුරුපැදිකරුගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට මුල් වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බව දඹුල්ල පොලිසිය කියයි.