බස්-ටිපර් අනතුරින් 28 ක් රෝහලට: ටිපරය බටුඔය පාලමෙන් පහළට


(නිමල් ජයරත්න)

කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය පාලම අසලදී  පෞද්ගලික බස්රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී අද(12) අලුයම 3.30 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.

ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බවද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය.

ටිපර් රථයේ රියැදුරු ටිපර් රථය තුළ සිරවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.