බස් චෙකර්ලා ගුටි කති


ටිකට් නොදී ධාවනය කළ බව කියන ඇල්පිටිය-මාපලගම ලංගම බසයක් පරීක්ෂා කිරීමට ගිය ටිකට් පරීක්ෂකවරුන් තිදෙනකුට පහර දී බසය ද අතරමග දමා කොන්දොස්තරවරයකු හා රියදුරකු පලාගොස් ඇතැයි පොලීසිය කියයි. පහරකෑමට ලක්වූ බව ටිකට් පරීක්ෂකවරුන්ගේ පැමිණිල්ලට අනුව නාගොඩ පොලීසිය පරික්ෂණ පවත්වයි.